විජයග්‍රහණයේ පස්වැනි සැමරුම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18දා) පෙරවරු 8.00ට මාතර වෙරළ උද්‍යානයේදී ආරම්භ විය.
මේ අවස්ථාවට යුද හමුදා නිලයන් 335ක්, සෙසු නිලයන් 3,734ක්, නාවික හමුදා නිලධාරීන් 125ක්, සෙසු නිලයන් 1,189ක්, ගුවන් හමුදා නිලධාරීන් 62ක් හා නාවිකයන් 1,100ක් සහභාගී වී සිටිති.
තවද පොලිසියේ උසස් නිලධාරීන් 41ක් හා නිලධාරීන් 64ක්, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 25ක් හා භටයන් 568ක් ද එක්වෙති.
යුද හමුදා රථ 116ක්, නාවික යාත්‍රා 40ක් හා ගුවන් යානා 35ක්ද සැමරුම් උලෙළ සඳහා යොදා ගෙන තිබෙන අතර, නැගෙනහිර, වන්නි හා උතුර පෙරමුණු ලෙස සංග්‍රාමික, සම්මාන හා යාන්ත්‍රික වශයෙන් පෙළපාලි 03කින් සැමරුම වර්ණවත් කිරීමට නියමිතය.