උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාට යළිත් උතුරු පළාත් මහ ඇමති අපේක්ෂකත්වය නොදෙන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (08දා) යාපනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් දැනට මහඇමති වන සී.වී. විග්නේශ්වරන් යළිත් පත්කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද පසුගිය වතාවෙදීත් එතුමන්ට මහඇමති ධුරය ලබාදෙද්දී එතුමන් සඳහන් කළේ වසර දෙකකට පමණයි මා මේ ධුරය දරන්නේ කියලා. එවැනි පසුබිමක් තුළ යළි ඔහුට එම තනතුර දීම සුදුසුයි කියල අපි හිතන්නේ නැහැ.” යැයි පැවසීය.