උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව බාරදුන් විශ්වාසභංගයට විරුදධව 15 දෙනෙකුගෙන් යුත් පෙත්සමක් ඊයේ (15දා) රාත්‍රියේ උතුරු පළාත් මන්ත්‍රීවරු පිරිසක් විසින් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් මහතාට බාරදෙනු ලැබීය.
උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් උතුරු මහඇමතිගේ විශ්වාසභංගයට එරෙහිව පෙත්සම බාරදෙනු ලැබීය.
පෙත්සම බාරදෙනු ලැබූ අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරුන් පිරිස උතුරු ආණ්ඩුකාරවරයාට දැනුම් දෙනු ලැබුවේ, ඉදිරියටද උතුරු පළාතට ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී. විග්නේශවරන් මහතාම අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් එසේ බාරදුන් පෙත්සමෙහි කිසිදු දිවුරුම් ප්‍රකාශයක් අමුණා නොමැති බවටද, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව බාරදුන් විශ්වාසභංගයට දිවුරුම් ප්‍රකාශ 15ක් ලබාදී ඇති බවටද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දැනුම්දී තිබේ.