උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මහ ඇමතිධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එම පළාත් සභාවේ මන්ත්‍රීන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට ඊයේ (14දා) රාත්‍රියේ බාර දී ඇත.
උතුරු පළාතේ මීළඟ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස වත්මන් සභාපති සී.වී.කේ සිවඥානම් මහතා පත්කළ යුතු යැයි මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇති අතර තවත් පිරිසක් උතුරේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී. සත්‍යලිංගම් මහතා පත්කළ යුතුයැයිද ඉල්ලා තිබේ.
උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සෙවීම සඳහා පත්කළ විමර්ශන කමිටුව විසින් සත්‍යට පටහැනි කරුණු සහ චෝදනා ඇතුළත් කරමින් වාර්තාව සකසා තිබීම, එම වාර්තාවේ නිර්දේශවලට අනුව අමාත්‍යවරුන් දෙදෙනෙකුට ඉවත් වන්නැයි නියෝග කිරීම සහ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේද අමාත්‍යධූර මසකට අහෝසි කිරීම යන හේතුන් මත මහ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය බාර දී තිබේ.