යුද සමයේදී උතුරු හා නැගෙනහිර පළාත්හි අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වත්මන් රජයෙන් විසඳුමක් නොලැබීම නිසා එළැඹෙන 27 වන දා උතුරු හා නැගෙනහිර පළාත්හි පූරණ හර්තාලයක් පැවැත්වීමට දෙමළ ජනතා සභාව පියවර ගෙන ඇත.
උතුරු මහඇමති සී.වී. විග්නේස්වරන් සභාපතීත්වය දරණ දෙමළ ජනතා සභාව විසින් සංවිධානය කර ඇති හර්තාලයට උතුරු හා නැගෙනහිර පිහිටි සියලු වෙළඳසැල් හා පෞද්ගලික ආයතනයන් සම්බන්ධ වන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.
කෙසේ වෙතත් මෙම හර්තාලය හේතුවෙන් සිය වෙළඳාම් කටයුතු සඳහා බාධා වන බව පවසමින් වෙළඳසැල් වැසීමට නොහැකි බව වව්නියාවේ වෙළඳ සංගම් කිහිපයක් පවසා ඇත.
වෙළඳ සංගම් පවසන්නේ හර්තාලය වෙනුවෙන් තමන්ගේ සහය ලබා දෙන නමුත් සිය වෙළඳසැල් 27 වනදා වසා දමන්නේ නම් දින පහක කාලයක් එනම් මැයි දෙවැනිදා දක්වාම වෙළඳම් කටයුතු සිදු කිරීමට නොහැකි වන බවයි.