උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණ කථානායකවරයා හමුවි තිබේ. මෙලෙස හමුව ඇත්තේ උතුරු පලාත් සභාව වෙනුවෙන් දේශපාලන විසදුම් සහ ආණ්ඩුක්ර ව්‍යවස්ථා යෝජනාවන් කථානායකවරයාට භාර දීම සදහාය. මෙහිදී කථානායක කරු ජයසුරිය මහතා පැවසුයේ නව ව්‍යවස්ථාවක් සාදන්නේ සියළු ජාතීන්ට ගෞරවනීය පුරවැසියන් ලෙසට ජීවත් විය හැකි පසුබිමක් තහවුරු කිරීමට බවය.
ජාති ආගම් කුල පංති භේද නොමැතිව හැමකෙනාගේම නිදහස් අදහස්වලට ගරු කරමින් හැමෝටම නිදහසේ ජීවත් විය හැකි පරිසරයකට අවශ්‍ය කරුණු අලුත් ව්‍යවස්ථාවට ඇතුලත් කරන බව කථානායකවරයා මෙහිදී පැවසීය.
උතුරේ යෝජනාද අකුරක් නෑර සැලකිල්ලට ලක් කරන බවට සහතික වන යැයිද එහිදී කථානායකවරයා වැඩිදුරටත් පවසා තිබේ.