උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ දෙමළ මහජන කමිටුවට ඉලංගෙයි තමිල් අරසු කචිචි පක්ෂය කෙදිනක හෝ එකතු නොවන බව එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.
දෙමළ මහජන කමිටුවට එක්වීමට මාවේයි සේනාධිරාජා මහතාටද එක්වීමට ආරාධනා කරන බව එම කමිටුවේ සාමාජික සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සේනාධිරාජා මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සේනාධිරාජා මහතා මෙසේද පැවසීය. "අපට අදාළ කමිටුවට එක්වීමේ අවශ්‍යතාවක් නෑ. දෙමළ ජාතික සන්ධානය දීර්ඝ කාලයක සිට දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් විසඳුම් සොයමින් සිටිනවා. එබැවින් දෙමළ ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් සෙවීමට යැයි පිහිටවූ නව කමිටු වෙත සහභාගිවීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැහැ. මෙම නව කමිටුව කුමක් කරන්නේද යන්න සම්බන්ධයෙන්ද අප නිරීක්ෂණය කරමින් සිටිනවා."