විගමණික ශ්‍රමිකයින්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් වෙනුවෙන් සංචාරක නිවාඩු නිකේතනයක් කතරගම ප්‍රදේශයේදී ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබේ.
සංචාරක නිවාඩු නිකේතනයට, මුල්ගල තැබීම හෙට (03දා) පෙරවරුවේදී සිදුකරයි. විදේශ රැකියා අමාත්‍ය නීතීඥ, තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මත සංචාරක නිවාඩු නිකේතනය ඉදිකෙරයි. ඒ හරහා කතරගම ප්‍රදේශයේ සංචාරය විගමණික ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන්ට අඩුමිලට මිලට නවාතැන් පහසුකම් ලබා දීමට හැකියාව ලැබෙයි.