පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිතව ඇති විගණන පනතේ වගන්ති 20ක් ඉවත් කර ඇතැයි විගණන සේවා සංගමය සඳහන් කරයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කළ පනත තුළ වගන්ති 57 ක් ඇතුළත් කර තිබූ බවත්, එම වගන්ති 57 තුළ විගණන කොමිසමට ස්වාධීන මූල්‍ය කටයුතු කිරීමට අවස්ථාව ලබා දී තිබූ බවත් එම සංගමයේ උප ලේකම් කේ.එම්.එච්. කුමාරසිරි මහතා සඳහන් කළේය.
ඊයේ (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී උප ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පනතේ සඳහන් වගන්ති 20ක් ඉවත් කිරීමත් සමග මූල්‍ය ස්වාධීනත්වය ඇතුළු විගණන කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව අහිමි කර තිබෙන බවයි.
ආයතනයේ වියදම් කටයුතුවලට අමාත්‍යාංශයක් හරහා මුදල් ලබාගැනීමට යාම නිසා ස්වාධීනත්වය නැති වී ගොස් තිබූ බවත්, මේ නිසා ජනතාවට පොරොන්දු ලබාදුන් ආකාරයට සකස් කළ පනත තුළින් අයවැය ලේඛනයෙන් විගණන කොමිසමේ කටයුතුවලට මුදල් වෙන් කිරීම සඳහා යෝජනා කර තිබූ බවත් උපලේකම්වරයා සඳහන් කළේය.
එහෙත් එම වගන්ති ඇතුළු වගන්ති 20ක් ඉවත් කර සංශෝධිත පනතක් සකස් කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා තිබෙන බවත්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා තිබෙන සංශෝධිත පනත අද (10දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කඩිමුඩියේ සම්මත කරගැනීමට සැලසුම් කර තිබෙන බවත් කුමාරසිංහ මහතා සඳහන් කළේය.
සංශෝධිත පනත සම්මත වුවහොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ ස්වාධීන විගණන කොමිසමෙන් බලාපොරොත්තු වූ අරමුණ ඉෂ්ට නොවන බවත් හෙතෙම පවසා සිටියේය.