කැබිනට් මණ්ඩලයේ ඇතැම් පිරිස් ජාතික විගණන පනත සම්මත කිරීමට එරෙහිව දිගින් දිගටම කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මහජන මුදල අවභාවිතය, වංචාව, දූෂණය, නාස්තිය වැළැක්වීම සඳහා ජාතික විගණන පනත සම්මත කරගැනීමට අවශ්‍යවී තිබෙන බවත්, එහෙත් අදාළ පනත මේ වනවිට 20 වතාවක් සංශෝධනය කර තිබෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මගින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දිසානායක මහතා ප්‍රකාශ කළේය.