වික්‍රමාන්විත සංචාරක සේවාවල (Adventure Sports) ප්‍රමිතිය නගාසිටුවීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් සංචාරක ආකාර්ෂණය වැඩිකිරීම සඳහා ඒකාබද්ධ සංවර්ධන මෙහෙයුමක්ද ක්‍රියාවට නැංවීමට නියමිතය.
ලෝකයේ සංචාරක ව්‍යාපාරය තුළ ශීඝ්‍රයෙන් මෙය ජනප්‍රිය වෙමින් පවතින හෙයින් ශ්‍රී ලංකාව තුළ වික්‍රමාන්විත සංචාරක සේවා සංවර්ධනය කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (19දා) සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
එහිදී තීරණ කිහිපයක්ම ගෙන ඇති අතර, ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් වෙබ් අඩවියක් ස්ථාපනය කර ඒ හරහා ශී‍්‍ර ලංකාව තුළ වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සඳහා සේවා සපයන ස්ථාන සහ එම ස්ථාන මගින් සපයන සේවාවන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
ශී‍්‍ර ලංකා නාවුක හමුදාව මගින් සියලුම ජලාශ ආශ්රිත වික්‍රමාන්විත සේවා සපයන ආයතන සම්බන්ධීකරණය කරමින් එහි වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බැලීමට නියමිතය.
එසේම ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සහ ශී‍්‍ර ලංකා යුද හමුදා විශේෂ බළකාය මගින් ගුවනේ සහ ගොඩබිමේ සිදුකරන වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සඳහා සේවා සපයන ආයතන සම්බන්ධීකරණය කිරීමටත් සැලසුම් කර තිබේ.