වික්ටෝරියා විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 03ක් ක්‍රියාත්මක වන අතර, එම යන්ත්‍ර වසර 30 කට අධික කාලයක් භාවිතයේ යොදවා ඇති බවත් එම යන්ත්‍රවලින් තවදුරටත් කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමනම් ඒවා නොපමාව අලුත්වැඩියා කළ යුතු බව තාක්ෂණික විශේෂඥයින් දැනුම්දී තිබේ.
ඒ අනුව, වික්ටෝරියා බලාගාරයේ අංක 03 ජනන යන්ත්‍රයේ ස්ථායුකය (Stator) ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද ලංසුකරු වෙත ප්රදානය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා යෝජනාව ඉදිරිපත්කර තිබේ.