මිගහතැන්න පදිංචි පුද්ගලයෙකුගෙන් වෑන් රථයක් කොල්ල කෑමට පැමිණි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වෑන් රථයේ අයිතිකරු සිය වෑන් රථය විකිණීම පිළිබඳව පුවත්පතක පළ දැන්වීමක් අනුව පැමිණි පුද්ගලයෙකු ඊයේ (12 දා) වෑන් රථය මිලදී ගැනීමට යැයි පවසා එය පරීක්ෂා කරන මුවාවෙන් කොල්ල කෑමට උත්සාහ කර තිබේ.
කෙසේ වෙතත් මීගස්තැන්න පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලකින් පසුව වෑන් රථය හඹාගොස් කොටහ ප්ර දේශයේ සැකකරු මෙන්ම වෑන් රථය අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
තවත් සැකකරුවෙකු පළා ගොස් ඇති බවත්, අත්අඩංගුවට ගත් පුද්ගලයා 23 වැනි වියැති බවත් පොලීසිය පවසයි.