අපරභාගයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්ත්වය හෙට (09 දා) සිට තාවකාලිකව අඩු වනු ඇති නමුත් නැගෙනහිර පළාතේ මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන වැසි ඇති වීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.