නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති අතර ඉදිරියටත් වැසි අපේක්ෂා කරන බව අද (28දා) නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිහින් වැසි බලාපොරොත්තු වන බවත් ඇතැම් ස්ථානවල විශේෂයෙන් සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මි.මී 50 වැඩි තරමක වැසි ඇති වන අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩි වීම තවදුරටත් බලාපොරොත්තු වන අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළඟේ වේගය පැ.කි 35-45 ක් පමණ අගයක් ගන්නා බවත් සඳහන් කරයි .
මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ. කි 60-70 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බවත් මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි 50-60 දක්වා වැඩි විය හැකි බවත් එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි 70-80) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි අතර ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
.