දිවයිනේ දකුණු අර්ධයේ අද සිට 20 වන දා දක්වා වැසි තත්වයේ වර්ධනය වීමක්, විශේෂයෙන් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමක් අපේක්ෂා කරන බව දෙපාර්තමේන්තුව දැනුම්දේ.
සබරගමුව, දකුණ, ඌව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල තරමක් තද වැසිඇති විය හැකි දෙපාර්තමේන්තුව දැනුම්දේ.