දිවයිනේ නිරතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට තද වැසි ඇතිවිය හැකිය.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.