ෙපවතින වැසි තත්ත්වය අද (19දා) සිට තාවකාලිකව අඩුවීමක් සිදුවන බවත්, එහෙත් 25 වැනිදා සිට නැවත තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (19) දිනය තුළ බස්නාහිර සබරගමුව, ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර, දිස්ත්‍රික්කවලටත් සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළාය.
අද උදෑසන කාලයේදීද බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍ර‘දේශවලට වැසි ඇතිවිය හැකි බවද ඇය කියා සිටියාය.
සබරගමුව හා මධ්‍යම පළාත්වල සමහර ස්ථානවලට උදේ කාලයේ මීදුම සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළාය.
ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍ර‘දේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු වළක්වාගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ඒ මහත්මිය පවසා සිටියාය.
දිවයින වටා මුහුදු ප්‍ර‘දේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.