වැසි තත්ත්වය තවදුරටත් - සමහර ස්ථානවලට තද වැසි
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් ස්ථාන ගතව ඇති වායුගෝලීය කැළඹිලි සහගත තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ අහස වලාකුළින් බරව පවතින අතර වැසි සහිත කාලගුණික තත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, දිවයිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල විටින් විට තරමක් තද සුළං ඇති විය හැකි බවද පෙන්වා දෙයි.
වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා, දිවයිනෙහි බොහෝ ප්‍රදේශ වල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත්, සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100 ට වඩා) ඇතිවීමට ඉඩ ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි..
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

