වසර 10 කට පසුව ශ්‍රී ලංකාවට දැඩි වියළි කාලගුණික තත්ත්වයකට මුහුණදෙමින් සිටියත් විදුලි කප්පාදුවක් සඳහා යෑමට රජයට කිසිඳු අදහසක් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අද (20) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතරම වියළි කාලගුණ තත්ත්වය විදුලි නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත් සඳහන් කළේය.
අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා විදුලිබල සංරක්ෂණයට යොමුවිය යුතු බවත් ඒ සඳහා ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.