දැනට දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හා වළාකුලින් බර ස්වාභාවය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෙට දිනයේදී ඇතිවන බවත් විශේෂයෙන් සබරගමුව පළාතද ඇතුළත්ව ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැකි බව පෙන්වාදෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දකුණු පළාතේ හා මොණරාගල දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවත් පවසයි.