උතුරේ ලූනු අස්වැන්න නෙළීමේ කටයුතු සිදුකරන මේ දිනවල උතුරු ප්රදේශයට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ලූනු නරක්වීමේ දැඩි අවදානමක් පවතින බවට උතුරේ ලුණූ ගොවීහු කියා සිටිති.
උතුරේ බොහෝ ප්රදේශවල මේ දිනවල බී ලූනු සහ රතු ලූනු අස්වැන්න නෙළීමේ කටයුතුවල නිරත වන ගොවීහු කියා සිටින්නේ මේ වසරේ ගෙවී ගිය මාස 08 ක කාලය තුල උතුරු ප්රදේශයට වර්ෂාවක් නොලැබීම මත ලූනු වගා කිරීමේ කටුයතු අඩාල වීම හා ප්රමාදවීම් සිදු වූ බවත්, මේ හේතුව නිසා මෙවර මාස් කන්නයේ වර්ෂාව අපේක්ෂාවෙන් ලූනු වගා කළ ගොවීන්ට අපේක්ෂිත කාලයට පෙරවර්ෂාව ලැබීම නිසා ලූනු වගාවන් විනාශ වී යා හැකි බවත්ය.