පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා රජය විසින් යෝජනා කරනු ලැබූ රු.2,500/-ක මාසික වැටුප් වැඩි කිරීම වැවිලි සමාගම්වල සේවකයින් සඳහාද ලබා දිය යුතු බව රජය අවධාරණය කරයි.
පසුගිය කාල සීමාව තුළ ලෝක වෙළෙඳපොළෙහි තේ මිල පහත වැටීම නිසා ප්‍රාදේශීය වැවිලි සමාගම් මුහුණ දී සිටින දැඩි මූල්‍ය දුෂ්කරතාවන් සැලකිල්ලට ගෙන එම සමාගම්වල සේවකයින්ට අදාළ වැටුප් වැඩි වීම ලබා දීමට හැකි වන පරිදි ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙත රජය මඟින් මූල්‍යමය සහනයක් ලබා දීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇත.
ඒ අනුව, ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට ශ්‍රී ලංකා තේ මණ්ඩලය හරහා රාජ්‍ය බැංකු මඟින් ණය ලබාගැනීමට හැකි වන පරිදි භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.