නිදහස් ජල අයිතිය සුරැකීම උදෙසා ජනතා ව්‍යාපාරය සඳහන් කරන ආකාරයට වැව් 12 ක් පෞද්ගලීකරණය කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක ණයවරයක් ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණයකට එළඹ නැති බව ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
පෙරේදා (25දා) දිනයේදී %අද^ පුවත්පතේ පළ වූ ආකාරයට එවැනි තීරණයකට හෝ කතිකාවකට තමා හෝ ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය සම්බන්ධ නොවූ බවද ඇමතිවරයා අවධාරණය කරයි.
එසේම වැව් සම්බන්ධ විෂයපථය තමාට අයත් නොවන බවට පවසන දිනේෂ් ගුණවර්ධන මහතා නිදහස් ජල අයිතිය සුරැකීම උදෙසා ජනතා ව්‍යාපාරය අසත්‍ය කරුණු සඳහන් කර ඇති බවත් කියා සිටියි.