පැය 24 ක් ඇතුළත සියලු කටයුතු සම්පූර්ණ කර නව නැණසල මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
වැලිමඩ ගුරුතලාව නැදුන්ගමුව ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී මෙම නැණසල මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් පරිදි මෙම නැණසල මධ්‍යස්ථානය ස්ථාපිත කළ බවද නියෝජිතායතනය පවසයි.
නැණසල දහස ව්‍යපෘතිය යටතේ ස්ථාපිත කෙරුණු 821 වැනි නැණසල මධ්‍යස්ථානය මෙය බවත්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතින් මෙය විවෘත කෙරුණු බවත් නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.