අලුත්ගම, වැලිපැන්න ප්‍රදේශයේ ශී‍්‍ර ඤාණිස්සර මහා විද්‍යාලය අසල අද (23දා) පස්වරුවේ අලුත්ගම සිට මතුගම දෙසට අධික වේගයෙන් ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයේ අසල තිබූ අධිබලැති විදුලි ට්රාන්ස්පෝමරයක් සහිත කණු දෙකක ගැටී අනතුරක් සිදුව ඇතැයි අලුත්ගම පොලීසිය පවසයි.
අධික වේගය නිසා රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, රථයේ රියදුරු සහ ඔහු සමඟ ගමන්ගත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
මෙම පුද්ගලයන් බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් අනතුරින් විදුලි ට්රාන්ස්පෝමරයට හානි සිදුවීමෙන් එම ප්‍රදේශය අවට විදුලිය විසන්ධි වී ඇති බවත් පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා