වැලිගම, කප්පරතොට ප්රදේශයේ හෝටලයකදී එහි හිමිකාරිනිය අද (15දා) අලුයම කිසියම් පිරිසක් විසින් ආයුධ පෙන්වා බියගන්වා ඇයගේ ජීප් රථයද සමග පැහැරගෙන ගොස් ඇතැයි වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ වැලිගම නගර සභාවේ හිටපු මන්ත්රිනියක වන යමුනා කාන්ති පුංචිහේවා (38) මහත්මියයි.
එම අවස්ථාවේ හෝටලයේ සිටි සේවකයන් දෙදෙනෙකුගේ අතපය ගැට ගසා දමා එම අපරාධය සිදුකර ඇති අතර, මෙම පැහැරගැනීමට එම හෝටලයේ සේවකයෙකුද සම්බන්ධ වී ඇත්දැයි සොයා බලන බව පොලීසිය පවසයි.
පැහැරගැනීම සඳහා තිදෙනෙකු පැමිණ ඇති බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇති අතර, පැහැරගැනීමට ලක්වූ හිටපු නාගරික මන්ත්රිනිය පිළිබඳව ඊයේ (15දා) සවස් වනතුරුත් කිසිදු හෝඩුවාවක් ලැබී නොතිබිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඇය පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීමට එක්වූවාය.වැලිගම මූලස්ථාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.