වැලිකන්ද, මඩකලපුව - පොළොන්නරුව ප්රධාන මාර්ගයේ අද (04දා) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව සහ පියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිකන්ද පොලීසිය පවසයි.
පොළොන්නරුව දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ ලොරි රථයක් හා ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම අනතුරින් ත්රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනා බරපතළ තුවාල ලබා මනංපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මව සහ පියා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.