වැලිකඩ බන්ධනාගාරයේ දී 2012 වසරේ නොවැම්බර් 09 දින සිදුවු ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව බන්ධනාගාර නිලධාරීන්ගෙන් සාක්ෂි සටහන් කිරීම අද (20) සිට ආරම්භ කර තිබේ.
ඒ අනුව අද (20) දින බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ (එවකට වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාව සිටි) මහතා ඇතුළු නිලධාරීන්ගෙන් සාක්ෂි විමසීම සිදුවනු ඇත.
හිටපු මහාධිකරණ විනිසුරු විමලු නම්බුවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මේ කමිටුවෙහි සෙසු සාමාජිකටන් වන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක, විශ්‍රාමලත් අතිරේක ලේකම් (පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය) එස්.කේ . ලියනගේ මහත්වරුන්ය.