2012 වසරේ නොවැම්බර් 09වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සහ ආරක්ෂක අංශ අතර, ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ කමිටුවක් පත්කර ඇත. එහි සභාපතිවරයා ලෙස මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා පත්කර ඇති අතර, විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක සහ විශ්‍රාමලත් පරිපාලන නිලධාරී නීතිඥ එස්.කේ. ලියනගේ යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.
මෙම ගැටුමේදී බන්ධනාගාර රැඳවියන් 27 දෙනෙකු මියගිය අතර, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 40කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.