වැලිකඩ ප්‍රහාරයෙන් මියගිය සිරකරුවන්පිළිබඳව ආරම්භ කළ නව පරීක්ෂණය මාස දෙකක් ඇතුළත අවසන් කරන බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
2012 වසරේ නොවැම්බර් මාසයේ වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂක අංශ හා සිරකරුවන් අතර හටගත් බව කියන ගැටුමකදී සිරකරුවන් විසිහත්දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳව සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලාමියගිය සිරකරුවන්ගේ ඥාතීන් සහ රැඳවියන් ඝාතනයට එරෙහි ජනතා එකමුතුව අද (17දා) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.