රට තුළ නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වන වැලි, ගල් සහ පස් ජාවාරම් මැඩලීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26දා) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ රජත ජයන්ති සැමරුම් උළෙලට සහභාගි වෙමිනි.
භූ විද්‍යා ක්ෂේත්රයේ කැණීම්, පරීක්ෂණ සහ අධ්‍යයනයන් නව තාක්ෂණය ඔස්සේ වඩා විධිමත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීමේ නව වැඩපිළිවෙළක අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.