වැල්ලවත්ත රාමක්රිෂ්ණ පාර සහ විවේකානන්ද පාර ආශ්රිතව එක් දිශාවකට වාහන ධාවනය කරවීමේ පෙරහුරුවක් හෙට (27දා) සිට ක්රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව පෙ.ව. 06.00 සිට පෙ.ව. 11.00 දක්වාත්, ප.ව. 3.00 සිට ප.ව. 7.00 දක්වාත් මෙම පෙරහුරුව ක්රියාත්මක වෙයි.
01. රාමක්රිෂ්ණ පාර -
-
ගාලු පාර සිට මුහුදුබඩ මාර්ගය දෙසට පමණක් ධාවනය කරවන අතර, මුහුදුබඩ මාර්ගයේ සිට රාමක්රිෂ්ණ පාර ඔස්සේ ගාලු පාර දෙසට ධාවනය වාහන ධාවනය කළ නොහැක.
-
මුහුදුබඩ මාර්ගය ඔස්සේ පැමිණ ගාලු පාරට අවතීර්ණ විය යුතු සියලුම වාහනවිවේකානන්ද පාර ඔස්සේ ගාලුපාරට අවතීර්ණ විය යුතුය.
02. විවේකානන්ද පාර -
-
මුහුදුබඩ මාර්ගය දෙස සිට ගාලුපාර දෙසට පමණක් ධාවනය කරවන අතර, ගාලුපාර සිට විවේකානන්ද පාර ඔස්සේ මුහුදුබඩ මාර්ගය දෙසට වාහන ධාවනය කිරීමට ඉඩ නොලැබේ.
-
ගාලු පාර ඔස්සේ පැමිණ මුහුදුබඩ මාර්ගයට අවතීර්ණ විය යුතු සියලුම වාහන රාමක්රිෂ්ණ පාර ඔස්සේ මුහුදුබඩ මාර්ගයට අවතීර්ණ විය යුතුය.
-
එමෙන්ම මෙහිදීසෝමගිරි පෙදෙස, රාමක්රිෂ්ණ පාර දෙස සිට විවේකානන්ද පාර දෙසටපමණක් සහරාමක්රිෂ්ණ ටෙරස්, විවේකානන්ද පාර දෙස සිට රාමක්රිෂ්ණ පාර දෙසටපමණක් වාහන ධාවනය කරවන ලෙසද පොලීසිය කියයි.
-
විවේකානන්ද ඇවනිව් මාර්ගයේ දෙපැත්තටම වාහන ධාවන කළ හැකිය.