වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දකවා වෙරළබඩ මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය සිමා කෙරෙන බව පොලිස් මූලස්ථානය කියයි.
ඒ අනුව සඳුදා 13දා සිට නැවත දැනුම් දෙන තුරු සතියේ වැඩකරන දිනවල පමණක්,
-
පෙ. ව. 07.00 සිට පෙ.ව. 0930 දක්වා වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ නෙල්සන් පාර හංදියේ සිට චාර්ලිමන්ට් පාර හංදිය දක්වා කොළඹ දෙසට පමණක් රථ වාහන ගමනාගමනය සිදු කෙරෙයි.
-
ප.ව. 04.00 සිට ප.ව. 06.30 දක්වා වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගයේ චාර්ලිමන්ට් පාර හංදියේ සිට නෙල්සන් පාර හංදිය දක්වා දෙහිවල දෙසට පමණක් රථවාහන ගමනා ගමනය සිදු කෙරෙයි.