වැල්ලම්පිටිය, ගෝතම් මාර්ගයේ තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහළට ඇතුලත් කිරිමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
අවුරුදු 47 ක් වු මුත්තුසාමි පෙරුමාල් නොහොත් චන්ද්‍රා නැමැති බණ්ඩාරානායක මාවත, හුනුපිටිය, වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇති බවත් ඔහු වැටී සිටි ස්ථානයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩයක කොපුවක් සොයාගත් බවත් පොලීසිය කියයි.