වරදක් කර තිබෙන බවට චෝදනා එල්ලවල ඕනෑම කෙනෙකු කෝප් කමිටුව ඉදිරියට කැඳවා එම වරද කර තිබෙන පුද්ගලයාට එරෙහිව ගත හැකි උරිම ක්‍රියාමාර්ග ගන්නා බව කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සඳහන් කළේය.
මේ අනුව බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අද (25දා) සවස මහ බැංකු අධිපතිවරයා කෝප් කමිටුව ඉදිරියට කැඳවා තිබෙන බවද ඔහු පවසා සිටියේය.
කෝප් කමිටුවට කැඳවිය හැකි ඕනෑම කෙනෙකු වරදක් කර තිබෙන බවට චෝදනා එල්ල වුවහොත් එම කමිටුව ඉදිරියට ගෙන ඒමට පසුබට නොවන බවද රංජන් රාමනායක මහතා සඳහන් කළේය.