“අපේ අතිනුත් රටට ජනතාවට වැරදි වුණා. ඒ හොරකම් කරලා නාස්ති කරලා රට විනාශ කරලා නෙමෙයි. වටේ හිටපු උන්ව අරක්ෂා කරපු නිසා. උන්ගේ වැරදී පෙනී පෙනී ඒ අයට සමාව දීපු නිසා. මීට පස්සේ ඒ දෙවල් වෙන්නේ නෑ. පසුගියකාලේ මේ අයට මාව නැතුවම බැරුව හිටියේ එත් අද වෙද්දි මේ අය මාව මතකවත් නෑ” යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
වෙන්නප්පුව දුම්මලදෙණිය ශ්‍රී සුමනාරාම විහරස්ථානයේ ඊයේ (22දා) පැවති අශීර්වාද පිංකමකට සහභාගීවෙමින් ඔහු මෙම අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“තිස්වසරක් පැවති ඒ සාපලත් යුද්ධය එක එක කාලයන්හි රට පාලනය කළ නායකයන් සිටියත් ඒ කිසිවෙක්ට කළ නොහැකි දේ අපි අපේ පාලන කාලයේදී අවසන් කළා. එත් අද වෙද්දි කුරුරු ප්රභාකරන්ට යුද්ධයෙන් දිනා ගත නොහැකිව තිබූ දේ මේ යහපාලනය විසින් ලබා දෙමින් තිබීම ගැන තමන්නාන්සේලා දැනුවත් විය යුතුයි.
අද අපේ පුත්තු හමුදාවට බැඳුණු විදිය ගැන හොයනවා. ඒකට වියදම් කරපු මුදල් ගැන හොයනවා. තමුන්නාන්සේලාට මතක ඇති එක කාලේක හමුදාවට තරුණයෝ බැඳෙන්න ආවේ නැ. අපිට යුද්ධයක් වෙනුවෙන් ලෑස්ති වෙන්න නම් හමුදාවේ පිරිස් බලය වැඩි කරන්න ඕනේ වුණා. ඔවුන්ගේ චිත්ත ශක්තිය වැඩි කරන්න ඕනේ වුණා. ඒ ගැන හිතලා තමා මගේ පුතාව නාවික හමුදාවට යැවුවේ. මටත් තිබුණා ඒ අයව පිටරටවල යවන්න. නමුත් රටට සැබෑ ලෙස ආදරය කරපු නායකයෙකු ලෙස මට එහෙම කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එදා එහෙම වැඩ කරපු මට තමා මේ අවලාද නගන්නේඅද හිටපු ආණ්ඩුවේ නායකයන්ව දවස ගානේ අල්ලස් කොමිසමට ගේනවා. නමුත් කරන ඇති දේකුත් නැහැ. මේක දැන් රටටම විහිළුවක් වෙලා. මිනිස්සුන්ට කියන්න වෙන දෙයක් නැති නිසා මේ යහපාලන අණ්ඩුව මේ කරන විහිළුවලට වැඩි ආයුෂ නැහැ සහෝදරවරුනි.
අපේ අගමැතිතුමා පිළිගත්තා මේ අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය තමන්ගේ හිතවතියක් කියලා. අනේ ඉතින් ඒ හිතවත්කම්වලට කරන වැඩ තමා තමුන්නාන්සේලා මේ පත්තරවලින් රූපවාහිනිවලින් හැමදාම දකින්නේ. අපි ඔය මොනව කොමිසමටවත් බය නෑ මොකද අපි ඉන්නේ ජනතා කොමිසමේ. මේ ඉන්න ජනතාවගෙන් අපිට පේනවා ඒ ජනතා කොමිසමෙන් අපි නිදහස් කියලා අපේ අතිනුත් වැරදි වුණා රටට ජනතාවට. ඒ හොරකම් කරලා නාස්ති කරලා රට විනාශ කරලා නෙමෙයි. වටේ හිටපු උන්ව අරක්ෂා කරපු නිසා. උන්ගේ වැරදී පෙනි පෙනී ඒ අයට සමාව දීපු නිසා. මීට පස්සේ ඒ දේවල් වෙන්නේ නැහැ. පසුගිය කාලේ මේ අයට මාව නැතුවම බැරුව හිටියේ. ඒත් අද වෙද්දි මේ අය මාව මතකවත් නැහැ. අපි මේ දේවල් වලට සැලෙන්නේ නැහැ. අපි හැමදාමත් පන්සල, පල්ලිය, කෝවිල ඇසුරේ ජීවත් වුණ නිසා අපිට මේවා දරාගන්න පුළුවන්” යැයිද පැවසීය.
චන්දන ප්‍රනාන්දු / රවීන්ද්‍ර ලියනගේ