ජුනි මාසය වනවිට වඩාත් කාර්යක්ෂම, ආයෝජන සඳහා හිතකර, වැදගත් පනත් රැසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ස්වීඩන විදේශ ඇමතිනී මාර්ගෝ වෝල්ස්ට්රොම් මහත්මිය සමග පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවෙන් පසු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අද (26දා) මේබව පැවසීය.
ඒ අනුව ශ්‍රී ලංකාව සැබැවින්ම ව්‍යාපාර සඳහා විවෘත වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙරට ජනතාවට ප්රතිලාභ අත්කරදීම තහවුරු කිරීම සම්බන්ධයෙන් සාමූහිකව කටයුතු කිරීමට මෙම සාකච්ඡාවේදී දෙරට අතර එකඟතාවක් ඇති වූ බවත්, සංවර්ධන සහාය, ද්විපාර්ශ්වික වෙළෙඳාම, සංචාරක කර්මාන්තය හා ආයෝජනය වැඩිදියුණු කිරීම යනාදී ක්ෂේත්‍ර ඔස්සේ දෙරටේ සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.