මේ වසරේ (2016) ගතවූ කාලය තුළදී ලංකාවේ වැඩිම රිය අනතුරු ප්රමාණයක් සිදුව ඇත්තේ යාපනය මහනුවර ඒ-9 ප්රධාන මාර්ගයේ බව පොලිස් රථවාහන අංශ තොරතුරු වාර්තා කරයි.
ඒ-9 මාර්ගයේ යාපනය, කිළිනොච්චිය හා වවුනියාව යන දිස්ත්රික්කයන්හි වැඩි වශයෙන් අනතුරු සිදුව තිබේ. එයින් පුද්ගලයන් 117 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙහි ආසන්නතම සිදුවීම වන්නේ යාපනය චාවකච්ඡේරි රිය අනතුරින් 11 දෙනෙකුට දිවි අහිමි වීමය.
රිය අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් වවුනියාව රථවාහන පොලීසිය දිවා කාලයට අමතරව රාත්රී කාලයේද විශේෂ සෝදිසි හා පරීක්ෂා කිරීම් ආරම්භ කර තිබේ.