වැඩිම මැතිවරණ නීති උල්ලංඝනයන් බස්නාහිරට - ප්‍රචණ්ඩක්‍රියා දකුණට
බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයට අදාළව අද (15දා) දිනය වනවිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩක්‍රියා ඇතුළු සිදුවීම් 169ක් වාර්තා වී ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය) පවසයි.
එහිදී, මහජන දේපල හා රාජ්‍ය සේවකයන් යොදාගැනීම් සහ පත්වීම් හා ස්ථාන මාරු, ප්‍රචාරණ සිදුවීම් හා වෙනත් වශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 165ක් වාර්තා වී අති බව පැවසෙයි.
එමෙන්ම, දේපළ හානි කිරීම් හා ප්‍රචාරණ සිදුවීම්, පහරදීම් හා තර්ජනය කිරීම් වශයෙන් ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ පැමිණිලි 4ක් කැෆේ සංවිධානය වෙත ලැබී තිබේ.
ඒ අනුව, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ වැඩිම සිදුවීම් ප්‍රමාණය (121ක්) බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි. එම පළාතේ ප්‍රචණ්ඩක්‍රියා සිදුවීම් වාර්තා වන්නේ එකකි.
දකුණු පළාතෙන් ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ වැඩිම සිදුවීම් ප්‍රමාණය වාර්තා වන අතර, එය සිදුවීම් 3කි. එම පළාතේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ සිදුවීම් 36ක් වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

