ගියවර පැවැති මැතිවරණයේදී සහාය දැක්වූ පිරිස් වලින් අද පැවැති ඡන්ද විමසීමේදී දැඩි බලපෑමක් ඇති වූ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. පාච්චිකරල ලද ප්‍රතිශත ලෙස වාර්තාවන තොරතුරු පට්ටපල් බොරු බව ඔහු පැවැසීය. ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්යස්ථානපතිගේ වාර්තාව එන තෙක් එය ප්‍රකාශ කළ නොහැකි බව ඔහු කීවේය.
වැස්ස වැනි හේතුන් නිසා මෙවර ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය අඩුවක් තිබෙන බව පාරේ ගමන් කරන විට තමන්ටත් දැනුන බව ඔහු පැවැසීය.
පක්ෂයක නිලධාරීන් මාරු කිරීම පිළිබද තමන්ට තොරතුරු වාර්තා වන බවත් ඔහු පැවැසීය.
කිසිම පක්ෂක සමලේකම්වරු නැති බවත් ඉන්නේ එක ලේකම්වරයෙකු බවත් ඔහු කීවේය. ඡන්ද නීති කැඩූවන්ට නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් තරාතිරම නොබලා කටයුතු කරන බත් ඔහු පැවැසීය. මැතිවරණ ප්‍රතඵල 12.00ට පෙර නිකුත් කළ නොහැකි බවත් ඔහු සඳහන් කරයි.
මැතිවණය ඡන්ද ගණනය සඳහා පරිගනක යොදා නොගන්නා බවත් ගණනය කරන්නේ ගණන් කිරීමේ නිලධාරීන් විසින් බවයි.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්වාසය නැති කිරීම සඳහා ඇතැම් පාර්ශ්ව කටයුතු කළ බවත් පසුගිය කාල සීමාවේදී ජනතාවගේ විශ්වසය මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත ඇති කිරීම සඳහා වැඩි උත්සාහයක් ගත් බවත් ඔහු පැවැසීය.