දිවයින පුරා වැඩිමිලට සහල් විකුණන ස්ථාන සොයා පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන්හි සිදුකළ වැටලීම් 159 තුළින් එවැනි ස්ථාන 63ක් හමුවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
එම වැටලීම්වලින් කල් ඉකුත් වූ සහල් කිලෝ 3,590ක් කොළඹින් හා අකුරණින් අත්අඩංගුවට ගත් බවද එම සංගමය සඳහන් කරයි.
ඉදිරියේදීත් දිවයින පුරා මෙවැනි වැටලීම් සිදුකරන ලෙසත් පාලන මිලට වඩා ඉහළ මිල ගණන්වලට සහල් විකුණන ස්ථාන හා කල් ඉකුත් වූ සහල් වර්ග විකුණන ස්ථානවලට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා ප්‍රකාශ කළ බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.