වැඩි මන්ත්රීධුර ප්රමාණයක් ලබාගත් පක්ෂයට ආණ්ඩු කිරීමට බලය ලබාදී විපක්ෂයේ සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා පැවැසීය.
"හම්බන්තොට දිස්ත්රික්කයේ විශිෂ්ට ජයක් අපට හිමි වුණා. මේ ජයග්රහණය ලබාදෙන්න පක්ෂයේ සාමාජිකයින් කටයුතු කළා. එක්සත් ජාතික පක්ෂයට වැඩි මන්ත්රීවරු පිරිසක් ලැබිලා තිබෙනවා. ඉතින් ප්රජාතන්ත්රවාදයට ගරු කරලා වැඩි බලය තිබෙන අයට ආණ්ඩු කරන්නට දීලා අනෙක් අය විපක්ෂයේ ඉන්නවා" යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා පැවැසීය.