මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස කටයුතු කළ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ නිල කාලය අද(30) අවසන් වු බැවින් ශ්‍රී දළඳා මාළිගාවේ වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස ප්‍රදීප් නිලංග දෑල මහතා පත්කොට තිබේ. 2005 ජුලි 01 දින ප්‍රදීප් නිලංග දෑල මහතා ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේවරයා ලෙස පත්වු අතර වසර 10 ක නිල කාලය අවසන්වීමත් සමග අලුතින් දියවඩන නිලමේවරයකු පත්කර ගන්නා තුරු ප්‍රදීප් නිලංග දෑල මහතා මෙලෙස වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස පත්කර තිබේ. අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය සහිතව බෞද්ධ විහාර, දේවාලගම් ආඥා පනත යටතේ අදාළ පත්කිරීම සිදුකර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා පැවසීය