වැඩබලන අගවිනිසුරු සහ වැඩබලන අභියාචනාධිකරණ සභාපති අද (11දා) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. සිසිර ද ආබෘ මහතා ද, වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නවාස් මහතා ද මෙහිදී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
මෙම අවස්ථාව සඳහා වැඩබලන ජනාධිපති ලේකම් සුමිත් අබේසිංහ මහතා ද සහභාගී වූ බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.