ආපදා තත්ත්වයේදී දැඩි කැපවීමෙන් කටයුතු කළ සෞඛ්‍ය වෘත්තීය සමිති සියල්ලම සෞඛ්‍ය අමාත්‍යාංශ ආපදා කළමනාකරණ කමිටුවෙන් ඉවත් කර දමා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය මැයි 26 වැනිදා සිට සෞඛ්‍ය වෘත්තිය සමිති විශාල ප්‍රමාණයක් ආපදා තත්ත්වයෙන් පීඩාව පත් ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර හා වෙනත් සහන සැලසීමේ කටයුතුවල නිරතවූ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේය.
මෙම වෘත්තිය සමිති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කමිටුව නියෝජනය කළ බවත්, එහිදීත් ඔවුන් විශාල කාර්ය භාරයක් සිදුකළ බවද අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ආනන්ද මහතා පවසා සිටියේය.
එහෙත් මේ වනවිට එම වෘත්තිය සමිති සියල්ලම කමිටුවෙන් ඉවත් කර දමා තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.