නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සහ නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳව ඇති වී තිබෙන සංවාදය නිසා සමස්ත වැඩ කරන ජනතාවගේම ප්‍රශ්න, සියලුම දෙනාට අමතක වී තිබෙන නිසා වැඩ කරන ජනතාවට බලපා තිබෙන ගැටලු 05 ක් පිළිබඳව වෘත්තීය සමිති නායකයන් සිය දෙනෙකු සමග ගොස් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
එළඹෙන 20 වැනිදා අදාළ සාකච්ඡාව පවත්වන බවත්, එහිදී රාජ්‍ය සේවක අවම මූලික වැටුප රුපියල් 29,876 ක් බවට පත්කරන ලෙසට ඉල්ලීමක් කරන බවත්, ඒ සඳහා සිදුකළ යුතු වන්නේ රාජ්‍ය සේවක සියලුම දීමනා වැටුපට එකතු කිරීම පමණක් බවත් එම මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
මීට අමතරව පොරෝන්දු වූ ආකාරයටම පෞද්ගලික අංශ සේවකයාගේ වැටුප රුපියල් 2500කින් වැඩි කිරීමට අදාළ නීති සකස් කරන ලෙසට සහ කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කරගන්නා ලෙසට ඉල්ලා සිටින බවද ඔහු පවසා සිටියේය.
මෙම ගැටලුවලට අමතරව විශ්‍රාමිකයන්ට එකඟ වූ ආකාරයට රුපියල් 3500 ක් ලබාගැනීම සඳහා වතු කම්කරු වැටුප රුපියල් 800 ක් දක්වා ඉහළ දමන ලෙසට ඉල්ලා සිටින බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙලෙස ලබාදෙන ඉල්ලීම් පිළිබඳ විසඳුම් ජනාධිපතිවරයා තම මැයි දින කතාවේදී ප්‍රකාශයට පත් කළ යුතු බවද ඔහු පවසා සිටියේය.