සාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විදුලි සේවකයන් සිදුකරණ වැඩවර්ජනය කඩා කප්පල් කිරීමට විදුලිබල අමාත්‍යාංශය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
සේවයට වාර්තා නොකරන සේවකයන් සේවයෙන් ඉවත් කරන බවට තර්ජනය කිරීම් කරන බවත්, මෙය කම්කරු නීති උල්ලංඝනය කිරීමක් නිසා ඒ පිළිබඳව කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාට පැමිණිලි කිරීමට සැලසුම් කර තිබෙන බවද එම එකමුතුවේ සාමාජික කාර්යාල සේවක සංගමයේ සභාපති එම්.පී. වීරසිංහ මහතා සඳහන් කළේය.
ගැටලු විසඳන ඕනෑම සාකච්ඡාවකට සූදානම් බවත්, එහෙත් වර්ජනය නවතා දමා සාකච්ඡාවලට සහභාගී නොවන බවද පවසා සිටියේය.
පසුගිය 13 වැනිදා දහවල් 12 සිට ක්‍රියාත්මක වැඩවර්ජනය නිසා ග්‍රාමීය ප්‍ර‘දේශවලින් 25෴කට වැඩි ප්‍රමාණයක විදුලිය බිඳවැටීම් සිදුව තිබෙන බවත්, නාගරිකවත් ප්‍ර‘දේශ ගණනාවක විදුලි බිඳවැටීම් සිදුවී තිබෙන බවද සඳහන් කළේය.
විශ්‍රාමික සේවකයන් යොදාගෙන මෙය යථාතත්ත්වයට පත්කිරීමට උත්සාහ කළද ඔවුන්ගෙන් බහුතරයක් මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.