ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩ නොකරන සියලුම සංවිධායකවරුන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පෙරමුණේ උප සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ඉවත් කරන සංවිධායකවරුන් වෙනුවට වැඩකරන සංවිධායකවරුන් පත්කර පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් පත්වීම් ලිපි ලබාදෙන බවද අද (11දා) පැවැති සාකච්ඡාවකදී එතුමා සඳහන් කළේය.