වැඩ කරන ජනතාවගේ දිනය හෙවත් ලෝක කම්කරු දිනය අදට (01) යෙදී ඇත. 1886 වසරේ මැයි මස පළමු වනදා ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් තම දෛනික වැඩ මුරය පැය අටකට සීමා කරන්නැයි ඉල්ලා සිදු කළ අරගලය හෙතුවෙන් ජාත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට විම සිදුවිය.
එහිදී පොලිස් වෙඩි පහරින් මියගිය කම්කරුවන් සිහිකරමින් 1889 වසරේ සිට සෑම වසරකම මැයි පළමු වනදා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරේ.
මැයි දිනය සැමරීමට ශ්‍රීලංකාව තුළ කම්කරු ජනතාවට වඩා මෙවර දේශපාලන පක්ෂ උනන්දුව වැඩීවී ඇති අතර ඔවුන්ද කම්කරුවාට වඩා පක්ෂ මතය පෙන්වීමට උත්සහ දරන බවක් පෙනෙයි.
අදට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රටපුරා මැයි රැළි සහ පෙළපාලි සංවිධාන කර තිබෙන අතර කොළඹ නගරයේ පමණක් මැයි දින පෙළපාලි 12 ක් සහ රැළි 15 ක් පැවැත්වෙන බවයි පොලීසිය පැවසීය.